ට්විටර් මෘදුකාංගයේ යාවත්කාලීන කිරීමක් සිදුවන බව එලෝන් මස්ක් සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් සදහන් කළේ ය.
මෙම යාවත්කාලීන කිරීම හරහා ට්විටර් මෘදුකාංගයේ පෙර නොපැවති තත්ත්වයක් ඉන් ලැබේ.
ඒ ට්විටර් ආයතනය මඟින් යම් පරිශීලකයකු අවහිර කර තිබේ නම් එය පරිශීලකයාට නොපෙන්වන ආකාරයකට මින් පෙර පැවති අතර මෙම යාවත්කාලීන කිරීම හරහා, එසේ අවහිර වූ පරිශීලකයන්ට අවහිර වීමට හේතුව සමඟ පණිවිඩයක් ට්විටර් සමාගමෙන් ලැබෙනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |