ට්විටර් සමාගමෙන් අලුත් තීරණයක්.

By krishani Jul 02, 2023 06:29 AM GMT
Report

ට්විටර් සමාගමෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ට්විටර් සමාජ ජාලයේ පුද්ගලයෙකුට කියවිය හැකි දෛනික ට්විටර් පණිවුඩ සංඛ්‍යාව සීමාකර කිරිම පිළිබඳවයි.

ඒ දත්ත වංචා වැළැක්වීමේ අරමුණින් තාවකාලික හදිසි පියවරක් ලෙස බව එහි හිමිකරු ඊලොන් මස්ක් සඳහන් කළේ ය.

සත්‍යාපනය කරන ලද මාසිකව ඩොලර් 08ක මුදලක් වැය වන ගිණුම් සඳහා දිනකට පණිවුඩ 8,000ක් කියවීමට අවස්ථාව හිමි වන අතර සත්‍යාපනය නොකළ හෝ නොමිලේ ක්‍රියාත්මක ගිණුම් සඳහා දෛනිකව කියවිය හැක්කේ පණිවුඩ 800ක් පමණයි.

කෙසේවෙතත්, නව සත්‍යාපනය නොකළ ගිණුමක් සඳහා දිනකට කියවිය හැකි පණිවුඩ සංඛ්‍යාව 400කට සීමාකර තිබෙනවා.