ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් හදිසියේම බිඳවැටෙයි..

By Aruna May 02, 2023 07:21 AM GMT
Report

ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් වන Twitter සමාජ මාධ්‍ය ජාලය බිද වැටි තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ පිළිබදව Downdetector.com වෙබ් අඩවියද වාර්තා කර ඇති අතර ඒ අනුව මෙම බිඳ වැටීමත් සමඟම පුද්ගලයින් 3,600 කට වඩා ගැටළු වාර්තා කර තිබෙන බවයි එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම සිදුවීම පිළිබඳව මෙතෙක් Twitter සමාජ මාධ්‍ය ආයතනය නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now