භයානක වෙඩි තැබීමක් සම්බන්දයෙන් ආ නවතම තොරතුර..

By Sithumi Jun 11, 2023 11:45 AM GMT
Report

ගාල්ල කරාපිටිය ප්‍රදේශයේදී පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පළායමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් අද (11) ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබන 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි සදහන් වන්නේ.

ඊයේ (10) රාත්‍රී ජංගම මුර සංචාරයක යෙදී සිටි අක්මීමන පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මාර්ගයේ නවතා තිබූ යතුරු පැදියක් අසල සිටි පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට උත්සහ කිරීමේදී එක් සැකකරුවෙකු පොලීසිය දෙසට අත්බෝම්බයක් විසි කිරීමට උත්සාහ කර තිබුණා.

එහිදි පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් ඔහු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර පසුව අනෙකු සැකකරු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඔවුන් සතුව තිබී ජීව අත්බෝම්බයට අමතරව ටී - 56 ගිනිඅවි සඳහා යොදාගන්නා උණ්ඩ 105ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වනවා.