ලොව ධනවත්ම පුද්ගලයා ට්විටර් සමාගම ගැන හදිසියේම තීරණයක් ගනී - සේවකයින්ටත් ප්‍රතිඥාවක්..
වහාම ක්‍රියාත්මක වන පරිදි ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි තාවකාලිකව වසා දමන බව සේවකයන්ට දැනුම් දී ඇත.
ඒ අනුව ලබන සඳුදා කාර්යාල නැවත විවෘත කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ද සේවකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ට්විටර් සේවකයින්ට එහි හිමිකරු දිනකට වැඩි වෙලාවක් දැඩි ඉලොන් මස්ක් පවසා ඇත්තේ කැපවීමකින් යුතු ව වැඩ කළ යුතු බවත් නැතහොත් ඔවුන් සමාගමෙන් ඉවත්ව යා යුතු බවත් ය.
එමෙන්ම සමාගමේ රැඳී සිටීමට කැමති සේවකයින් ඊට අදාළ ව ප්‍රතිඥාවක් දීමට එකඟ විය යුතු බව මස්ක් සේවකයින්ට දන්වා ඇත.
එම ප්‍රතිඥාවට සිය එකඟතාව පළ නො කරන සේවකයින් ව මාස තුනක වැටුප් ගෙවා සේවයෙන් ඉවත් විය හැකි බව මස්ක් පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |