මීගමුවේ වෙරළට පැමිණි අමුත්තෝ [Photo]

By Mithu Apr 30, 2025 03:16 PM GMT
Report

ධීවර කටයුතුවල යෙදී සිටි ධීවරයන් පිරිසකට යෝධ ඉබ්බන් කිහිපදෙනෙකු ඊයේ (29) අලුයම හමුවී ඇත. පිටිපන මීගමුව ධීවරයින් පිරිසක් ධීවර කටයුතුවල යෙදී සිටියදි මුහුදු සිමාවේ සිට නාවික සැතපුම් 20ක් පමණ දුරින් දියඹේ පාවෙමින් සිටි විශාල ඉබ්බන් කිහිප දෙනෙකු මෙලෙස හමුවී ඇති අතර ධීවර යාත්‍රා දෙකකින් මෙම ඉබ්බන් අතරින් දෙදෙනෙකු ගොඩබිමට ගෙනැවිත් තිබේ.

අනෙක් ඉබ්බා ගෙන ඒමට එම ධීවර යාත්‍රා ප්‍රමාණවත් නොවන බව ගොඩබිමට පැමිණි ධීවරයින් වනජීවී නිලධාරින්ට පවසා තිබේ. ගොඩබිමට ගෙන ඒමෙන් පසුව එම ඉබ්බන් දෙදෙනා මුතුරාජවෙල වනජීවී නිලධාරීන් විසින් මීගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලදී.

බිරිද එක්ක තරහා වෙලා දියණියගේ බෙල්ල කපපු නරුම පියා

බිරිද එක්ක තරහා වෙලා දියණියගේ බෙල්ල කපපු නරුම පියා

විදේශීය රටවල්වල වාසය කරන එම ඉබ්බන් මුහුදු සාගරයේ සිටීම පිළිබඳව සොයා බැලීමටත් ඔවුන් කුමන විශේෂයකට අයත් වන්නේ දැයි සොයා බැලීම සදහාත් බෙල්ලන්විල අත්තිඩිය පශු වෛද්‍ය කාර්යාලයට යොමු කිරීම සිදුවිය. අප්‍රිකානු හා සීෂෙල්ස් රටවල ජීවත් වන මෙම ඉබ්බන් ස්භාවිකව මෙටරටට පැමිණියා ද?

නැතහොත් සත්ව ජාවාරම්කරුවන් විසින් මුහුදට මුදා හැරියා ද?යන්න පරීක්ෂණ ක්‍රියාත්මක ය. අධිකරණය විසින් නැවත කරුණු සලකා බැලීම මැයි මස 20 වන දින නැවත කැඳවීමට නියමිත ය.

සිරි දළදා වන්දනාව ගැන සැඟවුණු කතාවක් එළියට හැමෝටම වඳින්න තිබුණු චාන්ස් එකක් මිස් වෙලා

සිරි දළදා වන්දනාව ගැන සැඟවුණු කතාවක් එළියට හැමෝටම වඳින්න තිබුණු චාන්ස් එකක් මිස් වෙලා

GalleryGallery