පිටකොටුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හමු වූ දේ..
By Piyumika
ඉන්දියාවෙන් ආනයනය කළ බව කියන කහ කුඩු කිලෝ එකේ පැකට් 55 ක් අලෙවි කිරීමට සුදානම් කර තිබියදී පිටකොටුව වෙළඳ සැලකින් සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඊයේ (12) අධිකාරියේ විමර්ශන නිලධාරීන් පිටකොටුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සොයා ගනු ලැබූ මෙම කහ කුඩු තොගය ආනයන කළ බවට තොරතුරු ඇතැයි ද අධිකාරිය සදහන් කරයි.
අලෙවි කිරීමට සුදානම් කර තිබූ මෙම කහ කුඩු තොගය සම්බන්ධයෙන් වෙළෙඳසැල් හිමියාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇතැයි ද පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය.
You may like this video