තුර්කි භූමිකම්පාවෙන් අතුරුදන්ව සිටි ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයා සොයාගැනේ.

By Wayomi Feb 07, 2023 10:53 AM GMT
Report

තුර්කියට ප්‍රබල භූමිකම්පාවෙන් අතුරුදන්ව සිටි ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු ගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් අද සමත්වී තිබෙනවා.

ඊයේ අලුයම තුර්කියට බලපෑ භූමිකම්පාවෙන් ක්‍රිස්ටියන් අට්සු නම් මෙම ඝානා ජාතික පාපන්දු ක්‍රීඩකයා රැඳී සිටි ගොඩනැගිල්ල කඩා වැටී තිබුණි.

පසුව ගොඩනැගිල්ල අසල අඛණ්ඩව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඔහුගේ දිවිබෙරා ගැනීමට හැකිවූ බවයි තුර්කි පාපාන්දු ලීගයේ ඔහු නියෝජනය කරනු ලබන Hatayspor කණ්ඩායමේ කළමනාකාරු සඳහන් කරඇත්තේ.

එම භූමිකම්පාවෙන් මේ වන විට එරට මෙන්ම අසල්වැසි සිරියාවේ පුද්ගලයින් 5,000කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW