තුර්කි ගුවන්යානය දිවයිනෙන් පිටව යයි
By Ashfa
අද (17) දින පස්වරුවේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ආරක්ෂිත ගොඩබෑමකට ලක්කළ TK733 නම් තුර්කි ගුවන්යානය යළි ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගොස් ඇත.
එම යානය මගීන් 51ක් සමග ප.ව. 5.41ට මෙරටින් පිටත් වූ බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම විසින් නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත.
කටුනායක සිට ඉස්තාන්බුල් බලා ඊයේ (16) පිටත්ව ගිය මෙම යානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ආරක්ෂිතව කටුනායක වෙත ගොඩබැස්වූ අතර ඒ වනවිට එම යානයේ මගීන් 202ක් සහ කාර්යය මණ්ඩල සමාජිකයන් 10 දෙනෙකු සිට ඇත.