තුර්කි කම්පනයෙන් දිවිබේරාගත් මාස දෙකේ බිළිඳාගේ මව සොයාගැනේ

By Sithumi Apr 03, 2023 11:33 AM GMT
Report

තුර්කියේ සිදු වූ භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් මාස 2 ක් වයසැති බිළිඳාගේ මව සොයාගෙන ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යුක්‍රේන අමාත්‍ය Anton Gerashchenko ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි.

 භූමිකම්පාවෙන් පැය 128 කට පසුව එම බිළිඳා නිරුපද්‍රිතව සොයාගෙන තිබු අතර ලෝකයේම අවධානය ද ඒ වෙත යොමුව තිබුණා.

බිළිඳාගේ මව මියගොස් ඇති බවට මීට පෙර වාර්තා වී තිබු නමුත් බිළිඳාගේ මව ජීවතුන් අතර සිටින බව පසුව තහවුරු කරගත් බවයි යුක්‍රේන අමාත්‍ය Anton Gerashchenko ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

ඇය භූමිකම්පාවෙන් තුවාල ලබා වෙනත් රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර සිදු කළ DNA පරීක්ෂණයකින් අනතුරුව බිළිඳා සිය මව වෙත භාරදුන් බව යුක්‍රේන අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now