සුන්බුන් අතරේ සිරවී පුංචි මල්ලි රැකගත් පුංචි අක්කා - ලොවක් සංවේදී කල වීඩියෝව මෙන්න (VIDEO)

By Sewvandhi Feb 09, 2023 06:47 AM GMT
Report

තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවලින් විපතට පත් වී, බිමට සමතලා වුණු නිවාසවල සුන්බුන් අතරේ සිරවුණු දරු දැරියන් මුදා ගන්නා හද කම්පා කරවන දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වෙමින් තිබේ. 

 එවැනි එක් වීඩියෝවකින් දකින්න ලැබෙන්නේ සුන්බුන් අතරේ සිරවී සිටින 7 හැවිරිදි සිරියානු දැරියක, ඇගේ කුඩා සොහොයුරා සුන්බුන්වලින් ආරක්ෂා කර ගනිමින් ඔහු තුරුලු කරගෙන සිටින අයුරුය.

දැරිය සහ ඇගේ සොහොයුරා වීඩියෝ කර ඇත්තේ ඔවුන් මුදා ගැනීමට ආ දිවි ගලවා ගැනීමේ කණ්ඩායමය. සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව බොහෝ දෙනකු මේ වනවිට share කර අවසන්ය.

ඒ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ද සිටී. මේ නිර්භීත දැරියට මාගේ හද පිරි ප්‍රණාමය යැයි සිය ටිවිටර් ගිණුම ඔස්සේ ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසා තිබේ. (එන්.ඩී.ටීවී.)


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now