තුර්කි භූකම්පනයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට..!
By Sewvandhi
තුර්කි භූකම්පනයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් ඇති බව තහවුරු වී තිබේ. භූකම්පනයෙන් පසු අතුරුදන්ව සිටි 69 හැවිරිදි කාන්තාව එලෙස මියගොස් ඇති බව තහවුරු වී ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
අදාළ කාන්තාවගේ දියණිය විසින් සිය මවගේ දේහය හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
මියගිය කාන්තාව මීට වසර 20ට පෙර තුර්කියට ගොස් ඇති අතර ඇය මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |