'.. බෝතල් මූඩියකින් වතුර පොවමින් ගලවාගත්..' සුන්බුන් යට සිරවී සිටි දරුවා - සංවේදී දර්ශන සහිතයි..(VIDEO)

By Sewvandhi Feb 08, 2023 01:35 PM GMT
Report

භූ කම්පන හේතුවෙන් සුන්බුන් යට සිරවී සිටි මුහම්මද් නම් තරුණ සිරියානු පිරිමි ළමයෙකු පිටතට ගැනීමට පෙර බෝතල් මූඩියකින් ජලය පානය කිරීමට ලබා දී ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා. 

 Hatay හි පැය 45 කට ආසන්න කාලයක් මෙම දරුවා සිරව සිට ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ මේ අතර උතුරු සිරියාවේ සහ දකුණු තුර්කියේ සඳුදා(06) ඇති වූ භූමිකම්පාවලින් විනාශ වූ ප්‍රදේශවල ජීවත්ව සිටි පුද්ගලයන් පිළිබඳව වැඩි බලාපොරොත්තුවක් තබා ගැනීම අසීරු බව විදෙස් මාධ්‍ය පවසනවා.

නමුත් සුන්බුන් යට සිරවී සිටින අය වෙත ළඟා වීමට ගලවාගැනීම්කරුවන් දිගටම මෙහෙයුම් සිදුකරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now