සුපිරි ගායක ටූපැක් ෂාකූර්ගේ ඝාතකයා හමුවෙයි - වසර 30කට පසු විසදුණු අභිරහස
වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ අභිරහසක් ලෙස නොවිසඳී තිබූ ප්‍රකට රැප් ගායක ටූපැක් ෂාකූර්ගේ ඝාතන නඩුවේ පළමු වරදකරු බවට කල්ලි නායක ඩුආන් "කීෆි ඩී" ඩේවිස් නම් කර තිබේ.
1996 සැප්තැම්බර් 7 වන දින ලෑස් වේගාස් නගරයේදී මෝටර් රථයක සිට සිදුකළ වෙඩි තැබීමෙන් ටූපැක් ෂාකූර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් 63 හැවිරිදි ඩේවිස්, අදාළ චෝදනාවට වරදකරු බවයි.
ඊයේ රෑ අපි ගත්ත අන්තිම සෙල්ෆිය මේක චූලා - ඇය මට ගොඩක් විශේෂයි - ඊයේ රෑ හිටපු කෙනා අද නෑ - නළු රොෂාන් රණවන සංවේදී වෙයි
ලෑස් වේගාස් ජූරි සභාව විසින් ඊයේ (31) ප්‍රකාශයට පත් කළේය. අධිකරණයේදී කළු පැහැති ඇඳුමකින් සැරසී සිටි 63 හැවිරිදි ඩේවිස්, තීන්දුව ප්‍රකාශයට පත් කරන විට අධිකරණය හමුවේ නිශ්ශබ්දව සිටි අතර, පසුව තමා මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බව පවසා ඇත.
විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ තීන්දුව ඇසීමත් සමඟ අධිකරණ ශාලාවේ සිටි ටූපැක්ගේ සහෝදරිය ඇතුළු ඥාතීන් එකිනෙකා වැළඳගනිමින් හඬා වැටුණු අතර, අධිකරණයෙන් පිටත රැස්ව සිටි ටූපැක්ගේ දැඩි රසිකයෝ ප්‍රීති ඝෝෂා පැවැත් වූ බවයි.
උපාධිධාරීන්ට ශ්‍රී ලංකා පොලිසියේ පුරප්පාඩු රැසක් - ගැසට් පත්‍රය නිකුත් වේ - අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මෙන්න
ඝාතනය වන විට 25 වන වියෙහි පසුවූ ටූපැක් ෂාකූර්, ලොව පුරා ඇල්බම මිලියන 75 කට වඩා අලෙවි කර තිබූ හිප්-හොප් ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් විය. නඩු විභාගයේදී පැමිණිල්ල පෙන්වා දුන්නේ ‘සවුත් සයිඩ් කොම්ප්ටන් ක්‍රිප්ස්’ වීදි කල්ලියේ හිටපු නායකයා වූ ඩේවිස්, සෘජුවම වෙඩි තැබීම සිදු නොකළද, මෙම ඝාතනය සැලසුම් කර අණදුන්නේ සහ ගිනිඅවිය සැපයූවේ ඔහු බවයි.
ඩේවිස්ගේ බෑණනුවන් වන ඕලැන්ඩෝ ඇන්ඩර්සන් සහ ටූපැක් අතර එදින රාත්‍රියේ ඇතිවූ ගැටුමකට පලිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම මෙහෙයවා තිබූ බවයි වාර්තා වෙන්නේ.

මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිය බවට පත්වූයේ ඩේවිස් විසින්ම වරින් වර සිදුකර තිබූ ප්‍රකාශයන්ය. වෙඩි තැබීම සිදු වූ රථය තුළ තමා සිටි බව 2008 දී පොලිසියට ලබාදුන් රහසිගත සාක්ෂියකදී සහ 2019 දී ඔහු විසින් ප්‍රකාශයට පත් කළ Compton Street Legend නම් ස්වයංචරිතාපදාන ග්‍රන්ථයේ මෙන්ම පොඩ්කාස්ට් සම්මුඛ සාකච්ඡාවලදී ද ඔහු ප්‍රසිද්ධියේ පිළිගෙන තිබුණා.
විත්ති පාර්ශවයේ නීතිඥ මයිකල් සැන්ෆ්ට් තර්ක කළේ තම සේවාදායකයා පොත් විකිණීමේ සහ මුදල් සෙවීමේ අරමුණින් මෙම කථා ගොතා පවසා ඇති බවයි. කෙසේ වෙතත්, පැය 3 කට ආසන්න කෙටි කාලයක් ඇතුළත ජූරි සභාව ඩේවිස් වරදකරු බවට ඒකමතික තීරණයකට එළඹුණා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ක්ලාක් කවුන්ටි දිස්ත්‍රික් උසාවි විනිසුරු කාර්ලි කියර්නි විසින් ඩුආන් ඩේවිස් සඳහා වන දඬුවම් නියම කිරීම ලබන ඔක්තෝබර් 13 වනදාට නියම කර ඇති අතර නැවාඩා ප්‍රාන්ත නීතියට අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවීමේ ඉහළ හැකියාවක් පවතින බවයි.