අක්‍රීය වූ සුනාමි කුළුණු යළි සක්‍රීය කිරීම අරඹයි
මේ වනවිට අක්‍රීය තිබෙන සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු යළිත් සක්‍රීය කිරීම සදහා වැඩපිළිවෙලක් ආරම්භ කළ බව ආපදා කළමාණාකරණ මධ්‍යස්ථානය සදහන් කර තිබේ .
තවද එහි අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඒ සඳහා ඉන්දියාවේද සහය ලබා ගන්නා බවයි .
ශ්‍රී ලංකාවේ සිදුවූ දරුණුතම ව්‍යසනයක් වන 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් පසු සුනාමි අවස්ථාවකදී ජනතාවට ඒ පිළිබඳ දැනුවත් කිරීම පිණිස මෙරට වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව කුළුණු 77ක් පිහිටවා තිබුණි.