කටකතාවක් නිසා වසර දහතුනකට පසු බ්‍රිතාන්‍යයේ දරුණුතම තත්ත්වයක් ..(VIDEO/PHOTO)
ලිවර්පූල්, සවුත්පොර්ට් ප්‍රදේශයේදී පිහියෙන් ඇන ගැහැණු දරුවන් තිදෙනෙක් ඝාතනය කිරීමෙන් අනතුරුව එංගලන්තයේ ප්‍රදේශ කිහිපයක කලබල සහ ගැටුම් ඇතිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එහිදී මාධ්‍ය සඳහන් කරනුයේ ඊයේ (03) එංගලන්තයේ නගර කිහිපයක කලබලකාරී තත්ත්වයන් වාර්තා වූ බවත් ඉන් පොලිස් නිලධාරීන් ට තුවාල සිදුවී ඇති අතරම දේපොළ විනාශ කිරීමේ සිදුවීම් ද වාර්තා වී ඇති බවයි .
වසර 13කට පසුව එරටින් වාර්තා වූ දරුණුතම කලබලකාරී තත්ත්වය මෙය බව සඳහන් ය.
විශේෂයෙන්ම සංක්‍රමණික විරෝධීන් විසින් උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි.
එරට පොලීසිය පවසන්නේ ගැහැණු දරුවන් තිදෙනා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි තරුණයා රැඩිකල්කරණය වූ මුස්ලිම් සංක්‍රමණිකයෙක් බවට කටකතා පැතිරගොස් ඇති බවත් ඒ හේතුවෙන් සංක්‍රමණික විරෝධීන් කලබල ඇතිකරන බවත් ය.