ආයෙත් විදෙස් කාන්තාවට නිරුවත පෙන්නපු නරුමයෙක් රටටම ලැජ්ජාවක්

Report

පිලැස්ස මහේස්ත්‍රාත් දසනායක විසින් අද (24) දින විදේශීය සංචාරක කතුන් දෙදෙනෙකුට තම රහස් පෙදෙස පෙන්වා ලිංගික අතවරයක් කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරද පිළිගත් මාවතගම ත්‍රීරෝද රථ රියැදුරෙකුට වසර 10කට අත්හිටවූ මාස 6ක බරපතළ වැඩ සහිතව සිර දඬුවමක් නියම කර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

එපා එපා කියද්දී සුද්දගේ අනවශ්‍ය තැන් අල්ලපු කාන්තාව - ලංකාවටම ලැජ්ජාවක්

එපා එපා කියද්දී සුද්දගේ අනවශ්‍ය තැන් අල්ලපු කාන්තාව - ලංකාවටම ලැජ්ජාවක්

එමෙන්ම අතවරයට ලක්වූ විදේශීය කතුන් දෙදෙනා සඳහා රුපියල් ලක්ෂ එකහමාර බැගින් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවන ලෙසට සහ අදාළ චෝදනා දෙක සඳහා රුපියල් එක්දහස් පන්සීය බැගින් වූ දඩ මුදල් දෙකක් ගෙවන ලෙසද එම නියෝගයේ සදහන් වේ.

මෙලෙස දඩුවමට ලක් වුයේ මාවතගම බරන්දන පාරේ පිහිටි මාවතගම මූලික රෝහල අසල පදිංචි මුතුතන්ත්‍රීලාගේ චානක නුවන් ජයසිංහ නමැති 33 හැවිරිදි අවිවාහක ත්‍රීරෝද රථ රියැදුරකුය.

ඒක මගේ පෞද්ගලික ප්‍රශ්ණයක් මම ඕන කරන උත්තරේ දුන්නා මට නිකරුණේ ඒක කියන්න බෑ - CID ආපු ගයත්‍රී ඩයස්

ඒක මගේ පෞද්ගලික ප්‍රශ්ණයක් මම ඕන කරන උත්තරේ දුන්නා මට නිකරුණේ ඒක කියන්න බෑ - CID ආපු ගයත්‍රී ඩයස්

මෙරට සංචාරය සඳහා පැමිණි විදේශීය කතුන් ත්‍රීරෝද රථයකින් කුරුණෑගල හරහා මහනුවරට ගමන් කරමින් සිටි අවස්ථාවකදී මාවතගම ප්‍රදේශයේදී හමුවී ඇති සැකකරුගෙන් මාර්ගය පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී ඔහු විදේශීය කතුන්ට තම නිරුවත පෙන්වා සිටීමේ සිද්ධියක් සම්බන්ධව සැකකරුට එරෙහිව අදාළ චෝදනා ගොනුකර ඇත.