ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණගේ ස්ථාන මාරුවට ලැබුණු අලුත්ම නියෝගය.

By Wayomi Jun 23, 2023 06:05 AM GMT
Report

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතාට ලබා දුන් ස්ථාන මාරුව ක්‍රියාත්මක කරන ලෙස ජාතික පොලිස් කොමිසම නියෝග කර තිබෙනවා.

අජිත් රෝහණ මහතා එම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් ජාතික පොලිස් කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවා

ඒ අනුව, අජිත් රෝහණ මහතාට ලබා දී තිබුණු ස්ථාන මාරුව පොලිස් කොමිසම මගින් තාවකාලිකව අත්හිටුවා තිබුණා.

නමුත් මේ වන විට අදාල ස්ථාන මාරුව ක්‍රියාත්මක කළ යුතු බවට පොලිස් කොමිසම තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.