අද දිනයේ දුම්රිය ධාවනය පිළිබද දැනුවත් කිරීමක්..

Report

 දුම්රිය ධාවනයට අද (19) දිනයේත් බාධා එල්ලවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අදින් ඇරඹෙන සාම හසරැල්ල..

අදින් ඇරඹෙන සාම හසරැල්ල..

අද දිනයේ කාර්යක්ෂමතා කඩඉම් විභාගයකට පෙනීසිටින දුම්රිය රියදුරන් පිරිසක් ද්විත්ව සේවා මුරවල නොයෙදීම සහ නිවාඩු වාර්තාකර තිබීම මීට හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත් නගරාන්තර දුම්රිය සහ දුර ගමන් සේවා දුම්රිය සැලසුම් කළ කාලසටහන් අනුව ධාවනයට උපරිම පියවර ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබත් මේ ප්‍රදේශ වල සිටින අයෙක් නම් දැඩි අවදානයෙන් සිටින්නැයි අනතුරු ඇඟවීම්...

ඔබත් මේ ප්‍රදේශ වල සිටින අයෙක් නම් දැඩි අවදානයෙන් සිටින්නැයි අනතුරු ඇඟවීම්...

මෙම කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා දුම්රිය රියදුරන්ගේ සූදානම්වීම හේතුවෙන් ඊයේ (18) සහ පෙරේදා (17) යන දිනයන්වලත් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබුණා.

කෙසේවෙතත් දුම්රිය  රියදුරු සේවා වාරවලට වාර්ථා නොකිරීම හේතුවෙන් අද දිනයේද  (19) දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර තිබේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ 16 ක් ද, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 8 ක්, පුත්තලම් මාර්ගයේ ගමන් වාර 4 ක් ද අවලංගු කර තිබේ.

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර අවලංගු නොවන අතර අද පස්වරුව වන විට අවලංගු වන ගමන්වාර සංඛ්‍යාව වඩා ඉහළ යනු ඇතැයි දුම්රිය වෘත්තය සමිති පවසයි.

You may like this video