දුම්රිය මගීන්ට නරක ආරංචියක් - දුම්රිය ගමන්වාර අර්බුදයක් සම්බන්ධයෙන් රතු එළියක්

Report

දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සංචිතය අඩුවීම නිසා දුම්රිය ගමන්වාර අර්බුදයකට ලක්විය හැකිබව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා සඳහන් කළේ මෙම තත්ත්වය නිරාකරණය කර පවතින දුම්රිය කාලසටහනට අනුව ධාවන කටයුතු පවත්වාගෙන යාමට බලධාරීන් කඩිනම් පියවර ගත යුතු බවයි.

එසේම ලේකම්වරයා කියා සිටියේ 2023 වසර වනවිට 106ක් වශයෙන් පැවති සමස්ත එන්ජින් සංචිතය, වසර 3කට පසු අද වන විට 98ක් දක්වා අඩු වී ඇති බවත් එන්ජින් 8ක් භාවිතයෙන් ඉවත් කර ඇති බවත් ය.

එමෙන්ම 2023 පැවති දුම්රිය කාලසටහන අනුව දුම්රිය ගමන්වාර 450කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වී තිබෙන අතර, එම ධාවන කටයුතු වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව එන්ජින් 74ක අවශ්‍යව තිබී ඇති බව පවසයි.

වාහන මිල ගණන් සහ වෙළඳපොළ කැළඹෙන තීන්දුවක් - අගෝස්තු 15 න් පස්සේ වාහන හීනෙට වෙන දේ

වාහන මිල ගණන් සහ වෙළඳපොළ කැළඹෙන තීන්දුවක් - අගෝස්තු 15 න් පස්සේ වාහන හීනෙට වෙන දේ

එහෙත් එවැනි ගමන්වාර සංඛ්‍යාවක් ධාවනය කිරීමට ඒ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ධාවනයට සුදුසු තත්ත්වයක තිබී ඇත්තේ එන්ජින් 68ක ප්‍රමාණයක් වන අතර අද වනවිට එම එන්ජින් ප්‍රමාණයද 49ක් දක්වා අඩුවී ඇති බව සඳහන්.

තවද 2023 වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව සතු බලවේග කට්ටල සංචිතයේ 109ක් තිබී ඇති අතර, මෙම වර්ෂය වනවිට එය 106ක් දක්වා අඩුවී ඇති අතර බලවේග කට්ටල 3ක් ඉවත්කිරීමට සිදුව තිබෙන බව සඳහන්.

එසේ වුවද පවතින සේවාව ලබාදීමට බලවේග කට්ටල 88ක් අවශ්‍ය වේ. ඊට අමතරව 2023 වනවිට දුම්රිය දෙපාර්තමේන්තු සංචිතයේ ක්‍රියාකාරී මට්ටමේ තිබූ බලවේග කට්ටල ප්‍රමාණය 78ක් වන අතර, එය මේ වනවිට එය 52 දක්වා අඩුවී ඇත.

ලෝකෙම ජය ඝෝෂා මැද අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාව දිනුවත් බලාපොරොත්තු සුන් වෙයි.. ඊයේ බැනරයක් උස්සලා කරපු විකාරෙට FIFA වෙතින් ප්‍රතිචාර

ලෝකෙම ජය ඝෝෂා මැද අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාව දිනුවත් බලාපොරොත්තු සුන් වෙයි.. ඊයේ බැනරයක් උස්සලා කරපු විකාරෙට FIFA වෙතින් ප්‍රතිචාර

එම සේවාව ලබාදීමට දෙපාර්තමේන්තුව සතුව බලවේග කට්ටල 26ක හිඟයක් පවතින බැවින් සමස්තයක් වශයෙන් 2023 වසරේදී 261ක් ලෙස පැවති එන්ජින් සහ බලවේග කට්ටල එකතුවෙන් 19ක් ඉවත්කර ඇති අතර, 2026 වනවිට සමස්ත සංචිතය 242 දක්වා පහත වැටී තිබෙනවා.

එබැවින් පවතින ගැටලු විසඳීමට බලධාරීන් කඩිනම් පියවර ගතයුතු බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් - බලධාරීන් වහාම ක්‍රියාත්මක වේ

රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් - බලධාරීන් වහාම ක්‍රියාත්මක වේ