අද රාත්‍රී දුම්රියක් අවලංගු කෙරේ - දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්
By Sewvandhi
උඩරට දුම්රිය මාර්ගයේ සිදුව ඇති නාය යාම් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ. අධික වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ හැටන් අතර දුම්රිය මාර්ගයට පස්කඳු කඩාවැටීම හේතුවෙන් මේ වන විටත් නවතා ඇති කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, අද පස්වරු 8.30ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ පස්වරු 6.00ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී සිඝ්‍රගාමී දුම්රිය ගමන්වාර අවලංගු කර තිබේ.
තවද හෙට (06) දිනයේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පෙරවරු 05.55, 08.30, 09.45 ට ධාවනය වීමට නියමිතව තිබු දුම්රියයන් සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ පෙරවරු 05.45, 08.30, 10.15 දුම්රිය ගමන්වාර අවලංගු කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |