ළමා රෝහලේ වුණ වින්නැහිය

Report

කිසියම් පුද්ගලයෙකු විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවකයෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබෙන බවට වාර්තා වේ.

අඳාළ සිදුවීම අද (20) දින පෙරවරුවේ සිදු වූ බව සඳහන්.

පාතාල කල්ලි මෙහෙයවෙන දේශපාලකයා ගැන ඇමති කෙළින්ම කියයි

පාතාල කල්ලි මෙහෙයවෙන දේශපාලකයා ගැන ඇමති කෙළින්ම කියයි

මේ සම්බන්ධයෙන් පොලිසිය සදහන් කළේ, අඳාළ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු වන අතර ඔහු රෝහලට පැමිණ සොරකමේ නිරත වී ඇති බවයි.

එම අවස්ථාවේදී එය දුටු රෝහල් සේවකයා විසින් ඔහුගෙන් ඒ පිළිබදව විමසා තිබෙනවා. එවිට සැකකරු විසින් තියුණු ආයුධයකින් රෝහල් සේවකයාට පහර දී ඇති බව වාර්තා වේ.

පහර දුන් පසු සැකකරු එම ස්ථානයෙන් පලාගොස් ැති බව ද සඳහන්.

රෙදි එනකම් බලන් ඉන්න වෙයිද ?

රෙදි එනකම් බලන් ඉන්න වෙයිද ?

රෝහල් ආරංචි මාර්ග සදහන් ක‍ර ඇත්තේ පහර කෑමට ලක්වූ රෝහල් සේවකයාගේ තත්ත්වය බරපතළ නොවන බවයි.