මේ ප්‍රදේශවලට ගමන් කරන අයට පොලිසියෙන් අතිවිශේෂ දැනුම්දීමක්
ගොතටුව මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත ඇසළ මහා පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් අද (30) පස්වරුවේ විශේෂ රථවාහන සීමාකිරීම් ක්‍රියාත්මක කරන බව පොලීසිය නිවේදනය කරයි.
පොලීසිය සඳහන් කළේ අද පස්වරු 6.30 සිට මෙම පෙරහැර වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර, පෙරහැර ගමන් ගන්නා මාර්ගයන්හි රථවාහන ධාවනය සීමා කිරීමට පියවර ගන්නා බවයි.
පෙරහැර මාදින්නාගොඩ ශ්‍රී සුරම්‍යාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී මහනියර හන්දියෙන් 175 බස් මාර්ගය ඔස්සේ බුත්ගමුව පාර, අඹගහහන්දිය සහ කොටුවේගොඩ හරහා රාජගිරිය දක්වා ගමන් කිරීමට නියමිතය.
අනතුරුව රාජගිරිය සිට මැදවැලිකඩ පාර, මාදින්නාගොඩ සහ MDH ජයවර්ධන මාවත ඔස්සේ නැවත විහාරස්ථානය වෙත ළඟා වීමට නියමිතව තිබේ.
කිරිපිටි රු. 260කින් මිල ඉහළට? BREAKING NEWS නමින් යන පුවත ගැන පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ නිවේදනයක්
මෙම කාල සීමාව තුළ අදාළ මාර්ග භාවිත කරන රියදුරන්ට මුහුණ දීමට සිදුවන රථවාහන තදබදය මඟහරවා ගැනීම සඳහා පහත දැක්වෙන විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
විකල්ප මාර්ග:
කොළඹ සිට IDH සහ කොලොන්නාව දෙසට ධාවනය වන වාහන: රාජගිරිය නගරයෙන් හැරී බොරැල්ල - කොස්වත්ත මාර්ගය හෝ කඩුවෙල පාර ඔස්සේ ගමන් කළ හැක.
IDH සහ ගොතටුව දෙසින් රාජගිරිය සහ කොළඹට පැමිණෙන වාහන: කොස්වත්ත - බත්තරමුල්ල මාර්ගය භාවිත කර නගරයට ප්‍රවේශ විය හැක.
අභ්‍යන්තර මාර්ග භාවිත කරන ප්‍රදේශවාසීන්: බුත්ගමුව පාර සහ මැදවැලිකඩ පාර මඟහැර පාලම් තුන හන්දිය හෝ අයි.ඩී.එච්. ප්‍රධාන මාර්ගය භාවිත කරන ලෙස පොලීසිය වැඩිදුරටත් උපදෙස් දෙයි.