ආයුර්වේද වෛද්‍යවරුන්ට මෙතෙක් නොඇසූ සුබම සුබ ආරංචියක් - විශේෂ තාක්ෂණයක් හදුන්වා දෙයි

Report

මෙරට පරම්පරා ගණනාවක් පුරා සුරැකෙමින් පැවත එන පාරම්පරික වෛද්‍ය දැනුම, වෛද්‍ය පරම්පරා, ප්‍රතිකාර ක්‍රම හා සම්ප්‍රදායන් විධිමත් ලෙස ලේඛනගත කර සංරක්ෂණය කිරීමේ ජාතික පියවරක් ලෙස TMK පරිගණක මෘදුකාංගය එළිදක්වා තිබේ.

මෙම වැඩසටහනට සමගාමීව බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය සතු වටිනා පුස්කොළ පොත් කාණ්ඩ 10ක් එළිදැක්වීම සහ සාහිත්‍ය පර්යේෂණ අංශයේ නූතන කෞතුකාගාරය විවෘත කිරීම ද අදාළ පර්යේෂණායතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

අද කාලගුණය කොහොමද? අව්වද වැස්සද දැනගෙන එළියට යන්න

අද කාලගුණය කොහොමද? අව්වද වැස්සද දැනගෙන එළියට යන්න

පාරම්පරික වෛද්‍ය දැනුම සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ දේශීය වෛද්‍යවරුන් පිළිබඳ සංගණනයක් සිදුකර, ඔවුන් සතු වෛද්‍ය දැනුම හා පරම්පරාගත තොරතුරු විධිමත් ලෙස පරිගණකගත කිරීමයි.

එම දත්ත පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ පාරම්පරික වෛද්‍ය පරම්පරා සහ එම පරම්පරාවන්ට ආවේණික වූ වෛද්‍ය සම්ප්‍රදායන් පිළිබඳ ජාතික ලේඛනයක් සහ අන්තර්ජාල දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට නියමිතය.

මෙතෙක් පුද්ගල මතකය, පරම්පරාගත සම්ප්‍රදාය සහ සීමිත ලිඛිත මූලාශ්‍ර මත පමණක් රඳා පැවති වටිනා දේශීය වෛද්‍ය දැනුම නවීන තාක්ෂණය ඔස්සේ විධිමත් දත්ත පද්ධතියකට එක් කිරීම මඟින් එය අනාගත පරපුර වෙත සුරක්ෂිතව දායාද කිරීමටත්, ඉදිරි විද්‍යාත්මක පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සඳහා ප්‍රවේශ විය හැකි ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමටත් අවස්ථාව හිමිවේ.

නියඟයෙන් කුඹුරු විනාශ වුණාද? ඔන්න රජයෙන් හදිසි තීරණයක්

නියඟයෙන් කුඹුරු විනාශ වුණාද? ඔන්න රජයෙන් හදිසි තීරණයක්

ආයුර්වේද කොමසාරිස් ජනරාල් දීප්ති සුමනසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සව අවස්ථාව සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එස්.සී. පීරිස් මහත්මිය ඇතුළු ආයුර්වේද ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෛද්‍යවරුන් සහ පර්යේෂකයින් විශාල පිරිසක් සහභාගී වූහ.