මාර්තු මාසයේ සංචාරක පැමිණීමේ අඩුවක්

Report

පසුගිය මාර්තු මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 183,979ක් ලෙස වාර්තා වී තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කර තිබේ.

මෙම සංඛ්‍යාව පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 19.7%ක පසු බැස්මක් පෙන්නුම් කරයි.

නවතම දත්ත අනුව, මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වේ .

එම සංඛ්‍යාව 47,533ක් (26%) ලෙස සඳහන්ය ඒ අනුව එක්සත් රාජධානියෙන් 18,092, රුසියාවෙන් 15,685ක්, ජර්මන් 13,429ක්, චීනයෙන් 14,064ක් සහ ප්‍රංශ ජාතිකයින් 8,359ක් ද මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

තවද 2026 වසරේ ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 740,634ක් දක්වා ඉහළ ගොස් ඇත.