තවත් වධකාගාරයක්...කොල්ලො කෙල්ලො එක්ක ගිහින් කෲර විදිහට වධ දීලා

Report

පෑලියගොඩ පොලිසිය විසින් කැළණිය ගෝනවල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේදී කාලයක සිට පවත්වා ගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට අඳාළ වධකාගාරයක් වැටලීමට සමත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ එම ජාවාරමේ ක්‍රියාකාරීන් ඩුබායි සිට ගම්පහ දිස්ත්‍රික්කයට මත්කුඩු බෙදාහරින බවයි.

අනුදි ඔයා...ඇය දිනලා ඉවරයි...ලංකාව බැබළ වූ ඇයට අපෙන් සුභ පැතුම්

අනුදි ඔයා...ඇය දිනලා ඉවරයි...ලංකාව බැබළ වූ ඇයට අපෙන් සුභ පැතුම්

එසේම ඔවුන් විසින් කැළණිය ප්‍රදේශයේ සිටින තරුණ තරුණියන්ට මත්කුඩු ණයට දී, ඉන්පසු ණය නොගෙවා සිටින තරුණයන් මෙම වධකාගාරයට රැගෙනවිත් කෲර වධහිංසා පමුණුවන බව ද හෙළි වී ඇත. ඔවුන් කලක් තිස්සේ කළ මේ ක්‍රියාව පිළිබඳව ප්‍රදේශවාසීන් පොලීසිය වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වෙමින් පෑලියගොඩ පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර ඇත.

එම අවස්ථාවේදී වධ බන්ධනයට ලක්ව සිටි තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමටත් පොලීසියට හැකියාව ලැබී ඇති බව වාර්තා වේ.

එසේම පෑලියගොඩ පොලිසිය පවසන්නේ තවත් පුද්ගලයන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවයි.

මෙහිදී පොලීසිය හෙළි කර ගෙන ඇත්තේ මත්කුඩු ණයට ගෙන මුදල් ගෙවීම පැහැර හරින තරුණයන් මෙම ප්‍රදේශයේ පවතින පාළු ඉඩමකට ගෙන්වා ඉන්පසු මෙසේ වධ බන්ධනයට ලක් කර ඇති බවයි.

එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

තවද අඳාළ ඉඩම මේ වන විට අමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන ව්‍යාපාරකයන් දෙදෙනෙකුට අයත් වූවක් බවට ද සොයා ගෙන ඇත.

ඒ අනුව පෑලියගොඩ පොලිසිය වැඩිදුරටත් පැවසුවේ දැනටමත් එම ව්‍යාපාරිකයන් දෙදෙනාට මේ සම්බන්ධයෙන් දැනුම්දී ඇති බවයි.

අදාළ සිද්ධිය පිළිබඳව පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.

මෙන්න පොල් ගැන ලැබුණු අලුත්ම ආරංචිය

මෙන්න පොල් ගැන ලැබුණු අලුත්ම ආරංචිය