තෙල් මිලේ අඩුවක්
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මේ වන විට මාසයකට පසු වාර්තා වූ අඩුම අගයක් සටහන් කර ඇත.
අද (10) දින වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 66.59ක් ලෙස සටහන් වූ අතර, එය ඊයේ දිනට සාපේක්ෂව සුළු ඉහළ යාමකි.
ජූලි මස අවසානයේ ඩොලර් 70 සීමාව ඉක්මවා තිබූ බොරතෙල් මිල ක්‍රමිකව පහත වැටුණු අතර, ගත වූ සතිය තුළ එය ඩොලර් 67 සීමාව ඉක්මවූයේ නැත.
එමෙන්ම, ඇමෙරිකානු WTI (West Texas Intermediate) බොරතෙල් බැරලයක මිලද මේ වන විට ඩොලර් 63ත් 64ත් අතර අගයක පවතී.