බලාපොරොත්තු ගොන්නක් එක්ක, අරඹන ජූලි පටන් ගද්දිම මොකක්ද මේ වෙන්නෙ?. ලග්නය බලලම ඉන්න..

Astrology Lagna Palapala Jothishya Lagna Latest Headlines
By krishani Jun 30, 2024 11:34 PM GMT
krishani

krishani

Report

🟢මේෂ

අන් අයගේ සිත් දිනා ගෙන කටයුතු කරයි.ඇසුරට උසස් මිතුරන් ලැබෙයි. ඔවුන්ගේ උදව් උපකාරද ඔබට ලැබෙයි. උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.අන් අය අතර කැපී පෙනෙයි.

🟢වෘෂභ

අද ඔබට ශුභදායක නොවේ. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය.එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.

🟢මිථුන

අද ඔබට ඉතාමත් ශුභ දවසකී. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවේ.ඒ හේතුවෙන් නිතර වෙනස් විය හැකිය.

🟢කටක

ඔබට යහපත් ප්‍රථිඵල ලැබෙයි.සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලට භාජනය වේ. එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව ලැබේ.එමෙන්ම හැමතින්ම වාසනාවන්ත දිනයක් ද වේ.

🟢සිංහ

අද ඔබේ දියුණුවේ දොරගුලු විවර වේ.එමෙන්ම උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වේ.එය ඔබේ මතු දියුණුවට හේතු වේ. තම මතයට අනුව කටයුුතු කිරීමට පෙළඹේ.

🟢කන්‍යා

අද ඔබට එතරම් යහපත් දවසක් නොවේ. එබැවින් අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය.කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත් විය යුතුය.ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමට ද ඉඩ තිබේ. සාධාරණය වෙනුවෙන් සටන් කිරීමට වුව ද පෙළඹේ.

🟢තුලා

විවාහ අපේක්ෂකයන්ට අද ශුභ දිනයකී. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකිය. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.සාධාරණය දුටුවිට කිපේ.තම මතයට අනුව කටයුුතු කිරීමට පෙළඹේ.

🟢වෘශ්චික

අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත.අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇත.ඒ බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය. ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක.

🟢ධනු

ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩි වේ.තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය. තම මතයට අනුව කටයුතු කිරීමට පෙළඹේ.ප්‍රධානියෙකු ලෙස අන් අය අතර කැපී පෙනෙයි.

🟢මකර

අද ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙයි. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගනී.එයින් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේනම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ.ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත. තම මතයට අනුව කටයුතු කිරීමට පෙළඹේ.

🟢කුම්භ

ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත.තම මතයට අනුව කටයුතු කිරීමට පෙළඹේ.

🟢මීන

අද ඉතාම ශුභ දවසකී. කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. ඉතා සතුටින් කාලය ගත කරයි.නිදහසට සහ සාධාරණයට ගරු කරන බැවින් අසාධාරණය දුටුවිට කිපේ. මූලිකයෙකු ලෙස අන් අය අතර කැපී පෙනෙයි.