ලෝක වැසිකිලි දිනය බිහි වුන හැටි.

World Health Day Ministry of Health Sri Lanka World
By Wayomi Nov 19, 2023 03:57 AM GMT
Wayomi

Wayomi

Report

අද ලෝක වැසිකිලි දිනයයි.

ලෝක වැසිකිලි සංවිධානය ආරම්භ කර ඇත්තේ, 2001 නොවැම්බර් 19 වන දින සිංගප්පූරුවේ දානපතියෙකු වන ජැක් සිම් විසින්.

අනතුරුව එම දිනය ලෝක වැසිකිළි දිනය බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2013 දී ලෝකයේ සනීපාරක්ෂක අර්බුද අවසන් කිරීමට සාමූහීක ක්‍රියා මාර්ගයක් ඉල්ලා සිටියේ සිංගප්පූරු රජය වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වැසිකිලි දිනය නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ දිනයක් බවට පත් විය.

ඒ, අනුව නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 67 වැනි සැසිවාරයේදී රටවල් 122 ක් විසින් යෝජනාව සම්මත කරනු ලැබුවා.

මෙම දිනයේදී ලොවවටා සනීපාරක්ෂක අර්බුදවලට ලක්ව සිටින ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් මුල් තැන දී කටයුතු කරන අතර එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවල 6 වන ඉලක්කය වන නිසියාකාර සනීපාරක්ෂක ක්‍රමවේදයන් ලොව ජීවත් වන සෑම මිනිසකු වෙතම ලබා දීම අරමුණු කරගත් දිනයක් වෙනුවෙන් මෙය නම් කර තිබෙනවා.

ReeCha