උතුම් ඇසළ පුන් පොහෝ දිනය අදයි

By Mithu Jul 10, 2025 02:41 AM GMT
Report

බෞද්ධ ඉතිහාසයේ සිදුවීම් රැසකට මූලික වූ ඇසළ පුන් පොහෝ දිනය අදයි.ඇසළ පුන් පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා විවිධ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහෝ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ. අප මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වන් පොහෝ දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. එමෙන්ම සිදුහත් බෝ සතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත සිදුවූයේ ද අද වන් පොහෝ දිනක ය.

බුද්ධත්වයෙන් අනතුරුව ඉසිපතන මිගදායේදි ප්‍රථමවරට පස්වග තවුසන් උදෙසා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදුකිරීම මෙන්ම බුදුරජාණන් වහන්සේ පළමු වරට යමහාමහ පෙලහරපෑම ද අසල පුන් පොහෝ දිනක සිදුව තිබේ. මේ අතර වෙහෙර විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේ වස්විසීම ආරම්භ කරනු ලබන්නේ ද ඇසළ පුරපසළොස්වක පොහොය දිනයේ ය.

අද ලග්න පලාපල – 2025 ජූලි 10 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 10 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

ඇසළ පොහොය නිමිත්තෙන් එෆ්.එම්.දෙරණ 124 වන අසපුව පෝදා සජීවි වැඩසටහන ගාල්ල ගුරුසිංහගොඩ මිරිස්වත්ත ශ්‍රි ආන්නද බෝදී විහාරස්ථානයේ දී අද දවස පුරා පැවැත්වේ. මේ අතර එෆ්.එම්.දෙරණ දඹදිව වන්දනා වරම් 09 වන අදියරේ දිනුම් ඇදීම අද දහවල් 12.30ට ටී.වී. දෙරණ ඔස්සේ සිදුකිරීමට නියමිතය.

දැන් බයවෙන්න දෙයක් නෑ - SMS දැනුම්දීමක් දුරකථනයටම

දැන් බයවෙන්න දෙයක් නෑ - SMS දැනුම්දීමක් දුරකථනයටම