සියලුදෙනාට සෞභාග්‍ය උදාවේවායි පතන තෛපොංගල් දිනය අදයි...

Thai Pongal Sri Lanka Festival
By Piyumika Jan 14, 2025 01:18 AM GMT
Piyumika

Piyumika

Report

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ.

"අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි.

මෙන්න මේ ප්‍රදේශවල ඉන්න ඔයා නම් මොන දේ අමතක උනත් අද දවසේ කුඩේ නම් අමතක කරන්න එපා..

මෙන්න මේ ප්‍රදේශවල ඉන්න ඔයා නම් මොන දේ අමතක උනත් අද දවසේ කුඩේ නම් අමතක කරන්න එපා..

තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල සමරනු ලබන 'මකර සන්ක්‍රාන්ති' සමග බැදීමක් පවතී.

පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුරා යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස මොවුහු සලකති.

තෛපොංගල් උත්සවය තවත් නව වසරක් සඳහා සූර්යය භ්‍රමණයේ ආරම්භය සනිටුහන් කරයි.

ලොවපුරා වෙසෙන හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් සැමරීම සිදුකරනු ලබයි.

අද දවසේ ඔබේ දෛවය තීරණය වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න අමතක කරන්න එපා..

අද දවසේ ඔබේ දෛවය තීරණය වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න අමතක කරන්න එපා..

සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේ විශේෂත්වයා වන අතර  හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදුවනවා සේම  කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද තෛපොංගල් උත්සවයේ දී සිදුකෙරේ.

කිරි උතුරවා යාමට සලස්වමින් සියලුදෙනාට සෞභාග්‍ය උදාවේවා යන්න ප්‍රාර්ථනා කිරීම තෛපොංගල් උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක් වන අතර මෙම දිනය හින්දු භක්තිකයින්ගේ නව වසරක උදාව ලෙස සැලකේ.

ඔබ සැමට ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේවායි ගගන අපි සුබ පාර්ථනා කරන්නෙමු...


You may like this video

ReeCha