ලොවක් තනන මැවුම්කාරිය ඈ වෙනුවෙන් වෙන් කර ඇති ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
සමාජය තුළ පවතින්නාවූ ජාති, ආගම් භාෂා සංස්කෘතිය ආර්ථිකය , දේශපාලනය ආදී වූ දේ නොසළකා කාන්තාවන්ගේ ඇගයීමට ලක් කරන්නාවූ ලෝක කාන්තා දිනය අද(08)ට යෙදී තිබේ.
ජාත්‍යන්තර කාන්තා දිනය, මුලදී හැඳින්වුනේ ජාත්‍යන්තර කම්කරු කාන්තා දිනය ලෙසිනි .
1909 පෙබරවාරි 28 වන දින ඇමරිකානු සමාජවාදී පක්ෂය නිව්යෝර්ක් නගරයේ කාන්තා දිනයක් සංවිධානය කර තිබුණි.
ඉන්පසුව ජර්මානු නියෝජිතයින් වන ක්ලාරා සෙට්කින්, කෝට් ඩන්කර්, පෝලා තීඩ් සහ තවත් අය 1910 ජාත්‍යන්තර සමාජවාදී කාන්තා සමුළුවේදී යෝජනා කළේ වාර්ෂිකව “විශේෂ කාන්තා දිනයක්” සංවිධානය කළ යුතු බවයි.

1917 දී සෝවියට් රුසියාවේ කාන්තාවන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව, මාර්තු 8 එහි ජාතික නිවාඩු දිනයක් බවට පත්විය. 1967 දී පමණ ස්ත්‍රීවාදී ව්‍යාපාරය විසින් එය සම්මත කර ගන්නා තෙක් සමාජවාදී ව්‍යාපාරය සහ කොමියුනිස්ට් රටවල් විසින් මෙම දිනය ප්‍රධාන වශයෙන් සමරනු ලැබීය.
එක්සත් ජාතීන් 1977 දී ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම ආරම්භ කර තිබේ. අද ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සමහර රටවල රජයේ නිවාඩු දිනයක් වන අතර වෙනත් රටවල් නොසලකා හරිනු ලබයි.
සමහර රටවල් වල එය විරෝධතා දිනයකි.
තවත් රටවල් එය ස්ත්‍රීත්වය සමරන දිනයකි.
දියණියක්,මවක් හා යෙහෙළියක ලෙස විවිධ භූමිකා නිරූපනය කරන ඇය ලොවක් තනන්නට වෙර දරන්නේ ජිවිතයේ අසීමිත කැප කිරීම් කරමින් ය.
මිලියන 22 ක් වන මෙරට ජනගහණයෙන් 52% ක් කාන්තාවන් ය.
රටේ ආර්ථිකය බිඳ වැටීමේ ආදීනව වැඩියෙන්ම දැනෙනුයේ කාන්තාවන්ටයි. 2026 ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමේ ප්‍රධාන අරමුණ වන්නේ කාන්තාවන් සතු සමාජීය, දේශපාලනික සහ ආර්ථික අයිතිවාසිකම් තහවුරු කරමින් ඔවුන්ව වඩාත් සක්‍රීය ලෙස රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීම වේ.
ලෝකයේ විවිධ අවස්තාවල කාන්තාව දූෂනයන්ට අඩත්තේට්ටම් වලට ළක්ව තිබේ.
මේ සියළු දේවල් අවම කර කාන්තාවට ගෞරවාන්විත තැනක් සමාජය තුළ උදාකරළීම මෙමගින් අපේක්ෂා කරනු ලබයි.
ලොවක් තනමින්
අනේක වූ දුක් දොම්නස් උසුලමින්
රටට ලොවට දිරි දෙන ඇයට
උපහාරයක්ම වේවා ..