කොරෝනා නිසා වාසනාව හිමි කරගත්ත දුශේනි මියුරංගි

By Zara Apr 04, 2025 06:15 PM GMT
Report

දුශේනි මියුරංගි කියන්නේ මෙරට දක්ෂ සහ සුරූපී මෙන්ම හරිම වාසනාවන්ත රංගන ශිල්පිනියක්.

පසුගිය සති කිහිපයේ විවිධ කතන්දර වගේම මඩ ප්‍රහාර වලට මුහුණ දුන් දුශේනි ගැන හරි අපූරු ආදරණිය සටහනක් සමාජ මාධ්‍ය තුළ හමුවුණා.

"කොරෝනා නිසා ලංකාවට ආපු දුශේනිට වාසනාව උදා වුණා කීවොත් පිළිගන්නවාද ? සියල්ලම වෙන්නේ හොදට"

දුශේනි ක්ෂේස්ත්‍රයේ නැගීගෙන එන කොටම දුශේනි නිහඩ වෙන්න සිද්ද වෙනවා.

ඒ ඇයගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා බව දුශේනි මාධ්‍ය සාකච්ඡා වලදි කියලා තියෙනවා.

ඉන් පසු ඇය ඉන්දියාවට යනවා ඒ නිරූපිකාවක් ලෙස ඉන්දියාවේ සාර්ථක වීම සඳහා.

ඇය සාර්ථක වූවානම් අද බොලිවුඩ් නිළියක් ලෙසින් අපිට දකින්නට උනත් ඉඩ තිබ්බා .

නමුත් හදිසියේ ලෝකේ පුරා කොරෝනා වෛරසය පැතිරී යාමත් සමඟ ඉන්දියාවේ සිටි දුශේනි නැවත තම ලංකාවට එනවා.

ඒ ආපු කාලේ තමා දුශේනිට පාර දිගේ ටෙලිනාට්‍ය සදහා ඇරයුම ලැබෙන්නේ .

හිතලා බලන්න දුශේනි එදා ලංකාවට ආපු නිසා එ ඇරයුම දුශේනිට ලැබුණා .

ඉතින් එදා ඉදලා අද වෙනතුරු දුශේනිට ලැබුණු ප්‍රේක්ෂක ආදරෙ අසීමාන්තිකව ලැබෙනවා.

අද වෙද්දී දුශේනිට සියදාස් වාරයක් සතුටු වෙන්න පුළුවන්.

මොකද ඉන්දියාවේ හිටියානම් දුශේනිට අද මේ ලැබිලා තියෙන දේවල් නොලැබෙන්නට ඉඩ තිබුණා.

ලංකාවට නැවත පැමිණීම ඇයගේ ජීවිතේ හිතපු නැති විදිහට වෙනස් කරා අද වෙද්දී දුශේනි වටා සෑහෙන්න ප්‍රේක්ෂක ආදරයක් ඇයට තියෙනවා.

කොරෝනා නිසා හරි ඇය නැවත ලංකාවට පැමිණිම ඇය ගත් හරිම තීරණයක් කියලා අද දුශේනිට හිතෙනවා ඇති .

ඉතින් දුශේනි කියන්නේ හරිම ආදරණීය,ඒ වගේම වාසනාවන්ත නිළියක්.

ඡන්දය කල් ගිහින්ද? කවදද හරියටම තියෙන්නේ?

ඡන්දය කල් ගිහින්ද? කවදද හරියටම තියෙන්නේ?

පාසල් දැරිය දූෂණය කළ සැකකරුවන් 7 දෙනාට ලැබුණු දඬුවම

පාසල් දැරිය දූෂණය කළ සැකකරුවන් 7 දෙනාට ලැබුණු දඬුවම