ලෝක වෙළඳපොළේ උඩුයටිකුරු වූ රන් මිල එක්ක ලංකාවම හොයපු අද රන් මිල මෙන්න - පවුමක් මෙච්චරයි කියලා නිකමටවත් හිතුවද?
මැදපෙරදිග සාම සාකච්ඡා ගැන ආයෝජකයින්ට විශ්වාසයක් නැති වීමත්, කලාපීය ප්රශ්න හේතුවෙන් බොරතෙල් මිල ඉහළ යාමත් සමඟ ලෝක උද්ධමනය යළි ඉහළ යන බවට පවතින බිය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ක්ෂණික රන් මිල සියයට 0.9 කින් විතර එක්වරම පහත වැටුණු බව ඊයේ(29) වාර්තා වුණා.
ඒ අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,049.90 ක් දක්වා අඩු වී තිබුණු බව සඳහන්. කෙසේ වෙතත් ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් සම්බන්ධයෙන් විවිධ කතා මතුවන පසුබිමක අද ශ්රී ලංකාවේ රන් මිල ගණන් වාර්තා වූයේ ඔඅහත සඳහන් ආකාරයටයි.
ඒ අනුව අද(30) දින මෙරට,
කැරට් 24 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 369,970ක් සහ එහි විකුණුම් මිල රුපියල් 398,980ක්
කැරට් 22 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 338,875ක් සහ එහි විකුණුම් මිල රුපියල් 365,464ක්
කැරට් 21 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 323,730ක් සහ එහි විකුණුම් මිල රුපියල් 349,150ක්
කැරට් 18 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 277,490ක් සහ එහි විකුණුම් මිල රුපියල් 299,285ක් ලෙස දැක්වේ.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.