මෙරට දේශපාලනයේ සදා නොමැකෙන, දැවැන්තයෙක් ජීවන කතරට සමු දෙයි..(PHOTOS)

Report

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට දේශපාලනයේ සදා නොමැකෙන, දැවැන්තයෙක් ජීවන කතරට සමු දෙයි..(PHOTOS) | Tna Leader R Sampanthan Has Passed Away

ඒ මහතා මිය යන විට වයස අවුරුදු 91 දී පසු වූ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වයස්ගතම දේශපාලනඥයා ද විය.

මෙරට දේශපාලනයේ සදා නොමැකෙන, දැවැන්තයෙක් ජීවන කතරට සමු දෙයි..(PHOTOS) | Tna Leader R Sampanthan Has Passed Away

ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ.

1977 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා 2004 වසරේ සිට එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේ ය.

අනතුරුව පක්ෂ නායකයා ලෙසට වර්තමාන පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා 2014 වසරේ පක්ෂ මධ්‍යම කාරක සභාවේ ඒකමතික කැමැත්ත මත පත් විය.

කෙසේ වෙතත්, පසුව ඒ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කළේ ය.