ලෝක රූ රැජින තරගාවලිය සඳහා ටිෂානි තායිලන්තයට
තායිලන්තයේ පැවැත්වෙන 12 වැනි ලෝක රූ රැජින තරගාවලියට (Miss Grand International – 2025 ) සහභාගී වීම සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටිෂානි පෙරේරා මෙනෙවිය අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ඇත.
ලෝකයේ ප්‍රධානතම රූ රැජින තරගාවලියක් වන මෙම තරගාවලියට ලෝකයේ රටවල් 100 කට අධික ප්‍රමාණයක් සහභාගී වේ.
රූ රැජිනියන් සහභාගී වන අතර එය 09/30 දින සිට 10/18 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වීමට නියමිතව තිබේ.
ටිෂානි පෙරේරා අද අලුයම 01.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත් විය.
ටිෂානි පෙරේරා ඉකුත් 09/24 දින ගල්කිස්ස මහ හෝටලයේ පැවැති ශ්‍රී ලංකා රූ රැජින අවසාන මහා තරගයෙන් ජයග්‍රහණය කර තිබුණි. එ වගේම ඇය ජාත්‍යන්තර වෙළදාම සහ කළමනාකරණය පිළිබද මෙරට විශ්ව විද්‍යාලයක උපාධියක් හදාරන සිසුවියක් වේ.
ඇයට සුභ පැතීම සදහා ටිෂානි පෙරේරා ගේ දෙමාපියන් , නෑදෑ හිතවතුන් මෙන්ම මෙම රූ රැජින තරගාවලියේ ශ්‍රී ලංකා සංවිධායක සහ ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.