ටිරාන් අලස් අද CIDට

By Dilasha Mar 31, 2025 07:16 AM GMT
Report

වැලිගම වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

ඒ අනුව අද පෙරවරු 10.45ට පමණ ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

වැලිගම වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටන ලෙස කර තිබු දැනුම් දීමකට අනුව ඔහු පැමිණ ඇති බව සඳහන් කරයි.

2023 වසරේ වැලිගම ප්‍රදේශයේ W15 හෝටලය අසල සිදුවූ වෙඩි තැබීමකදී පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධියට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

පොලිස්පති දේශබන්දු නැමැත්තාට උඩින් යම් දේශපාලනඥයෙක් හෝ නිලධාරියෙක් සිටිනවානම් ඒ පිළිබඳ විමර්ශනය කර අත්අඩංගුවට ගතයුතු බව අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා ප්‍රකාශ කොට තිබේ.