රාජ්‍ය සේවකයින්ගේ ගැටලුවක් විසඳෙයි ද?.(PHOTOS)
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා නිලධාරීන් පිරිසකට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටළු සඳහා ලබා දිය හැකි විසඳුම් ඉදිරිපත් කරන ලෙසයි.
අද (28) ජනාධිපති කාර්යාලයේ දී ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටලු පිළිබඳව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය හා අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ මෙම සාකච්ඡාව සිදු විය.
එහිදී මෙම උපදෙස් ලබා දී තිබෙනවා.
රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ ගැටීමක් ඇති නොවන ආකාරයට මෙම ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කරන ලෙසයි ඒ මහතා උපදෙස් ලබා දී ඇත්තේ.

දැනට පවතින ගැටළු සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණීමට කටයුතු කරන ලෙස ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි එම නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව පිළිබඳව ඇති ගැටළු මෙන්ම වැටුප් තලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට කර ඇත.
මේ අතර ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පෙන්වා දුන්නේ ග්‍රාම නිලධාරී සේවයේ උසස් වීම් පිළිබඳව ගැටළු රැසක් මතු වී ඇති බැවින් ඒවා විසඳමින් සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කළ යුතු බවයි.
දැනට කෙටුම්පත් කර රාජ්‍ය සේවා කොමිසමෙහි අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාධනීය යෝජනා ඉදිපත් කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේ ය.
එසේම, ග්‍රාම නිලධාරී සේවය ග්‍රාමීය මට්ටම තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන වසර හැට එකක් පැරණි සේවාවක් බැවින් ඒ සඳහා සේවා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ඇති බවද සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ වාර්තාවක සඳහන් විය.

විවිධ ගැටළු මධ්‍යයේ ග්‍රාම නිලධාරී සේවය රාජ්‍ය කටයුතු වෙනුවෙන් ලබා දෙන දායකත්වය සාගල රත්නායකගේ ඇගයීමට ලක් විය.
කෙසේ වෙතත්, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීන් සහ ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සම්මේලනයේ නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාවට එක් විය.
එම නිවේදනය පහතින්,
 
                                        
                                         
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        