ඩිමොක්‍රටික් පක්ෂයේ උප ජනපති ධුරය ටිම් වොල්ස්ට..

Report

පෙන්සිල්වේනියා ජනපදයේ පිලිඩෙල්පියා ප්‍රාන්තයේ පැවැති ඩිමොක්‍රටික් පක්ෂ රැලියේදී ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් කමලා හැරිස්, ඇගේ දෙවැනියා එසේත් නැතිනම් උප ජනාධිපති ධුරය සඳහා ටිම් වොල්ස් තෝරා ගත්තාය.

60 හැවිරිදි ටිම් වොල්ස්, මිනසෝටා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයාය. ලිබරල් දේශපාලන මතධාරියකු වන වොල්ස්, පාපන්දු පුහුණුකරුවකු ලෙස ද කටයුතු කර තිබේ.

අතුරු මාර්ගයට හරවන්න ගිය ත්‍රීරෝද රථය නිසා වාහන හතරක් අනතුරට..දෙදෙනකුට බරපතලයි ..

අතුරු මාර්ගයට හරවන්න ගිය ත්‍රීරෝද රථය නිසා වාහන හතරක් අනතුරට..දෙදෙනකුට බරපතලයි ..

ඔහු මිනසෝටා ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන්නේ 2019 වසරේ සිටය.

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කමලා හැරිස්, වර්තමානයේ ඇමෙරිකාවේ උප ජනාධිපතිනිය ද වෙයි.

මිය ගිය හානියා වෙනුවට සින්වාර් නායකත්වයට ..

මිය ගිය හානියා වෙනුවට සින්වාර් නායකත්වයට ..

ඇය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට පත්වුවහොත්, ඇය ඇගේ දෙවැනියා ලෙස තෝරා ගත් ටිම් වොල්ස්ට උප ජනපති ධුරය හිමිවෙයි.

එමෙන්ම හැරිස් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වුවහොත් එම ධුරයට පත්වන පළමු කාන්තාව වනු ඇත්තේත්, පළමු කළු ජාතික සහ ඉන්දීය සම්භවයක් ඇති තැනැත්තිය වනු ඇත්තේත් ඇයයි.