ඇපල් සමාගම ගැන ලෝකෙටම නරක ආරංචියක් [PHOTOS]

Report

ලෝකයේ තාක්ෂණික දැවැන්තයන් අතර මුලින්ම සිටින ඇපල් සමාගමේ දීර්ඝ කාලයක පටන් ප්‍රධානත්වය දැරූ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇපල් සමාගම යනු ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4ක තාක්ෂණික දැවැන්තයෙක්.

වර්ෂ 14 ක් පුරාවට ඇපල් හි තීරණ ගැනීමේ බලය, ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් විසින් තදින් අල්ලාගෙන සිටි අතර ඔහුගේ 65 වැනි උපන්දිනයට තව ඇත්තේ මසකට අඩු කාලයක් බව ද වාර්තා වේ.

ඇපල් සමාගම ගැන ලෝකෙටම නරක ආරංචියක්  | Tim Cook To Step Down From Apple Ceo

කෙසේ වෙතත් මේ වන විට ඔහු ඉල්ලා අස්වීමට සූදානම් වන බවට කටකතා පැතිර ඇත. 2011 දී ස්ටීව් ජොබ්ස් පිටත්ව ගිය පසු ඇපල් හි ඉහළ නායකත්වය කැපී පෙනෙන ආකාරයට ස්ථාවරව පැවති බව දක්නට ලැබුණා.

එසේ වුවත් මෙම ටිම් කුක්ගේ ඉල්ලා අස්වීම විශාල පරිවර්තනයකට හේතු විය හැකි බව මේ වන විට විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ජීවිතය කෙටි, ආදර කරන අය සමඟ කාලය ගත කරන්න කෝටි 3.4ක වැටුප් රැකියාවෙන් ඉල්ලා අස් වූ ෆ්ලෝරන්ස්

ජීවිතය කෙටි, ආදර කරන අය සමඟ කාලය ගත කරන්න කෝටි 3.4ක වැටුප් රැකියාවෙන් ඉල්ලා අස් වූ ෆ්ලෝරන්ස්

එසේම සමාගම තුළ මීළඟට කවුරු පත්කරන්නේද යන්න පිළිබඳ විධිමත් සැලැස්මක් නැති අතර ප්‍රධාන පුද්ගලයන් කිහිප දෙනෙකු මේ වන විටත් අනුමාන කර ඇති බවද පවසයි.

එමෙන්ම වරක් ඇපල් මුල් පුටුවේ ඊළඟට සිටිනු ඇතැයි සලකනු ලැබුවේ එහි මෙහෙයුම් ප්‍රධානියා (COO) වූ ජෙෆ් විලියම්ස්ය.

ඇපල් සමාගම ගැන ලෝකෙටම නරක ආරංචියක්  | Tim Cook To Step Down From Apple Ceo

ඔහු ටිම් කුක්ගේ දෙවනියා වශයෙන් දශකයක් සේවය කිරීමෙන් පසු සහ අතිශයින් සාර්ථක Apple Watch එළිදැක්වීම අධීක්ෂණය කිරීමෙන් අනතුරුව විලියම්ස් (62) ස්වභාවික අනුප්‍රාප්තිකයා වශයෙන් සැකලෙන බව සඳහන්.

එසේ වුවත් විලියම්ස් මෙම ඉහළම භූමිකාව අත්හැර එළඹෙන වසරේ සමාගමෙන් ඉවත් වීමට සූදානම් වන බව ජූලි මාසයේදී නිවේදනය කිරීමත් සමඟ එය වෙනස් වී ඇත.

ඒ අනුව වඩාත්ම පැහැදිලි අපේක්ෂකයා හදිසියේම ඉවත් වීමත් සමඟ, ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ප්‍රධාන තරඟකරුවා වන්නේ වර්තමාන දෘඪාංග ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (SVP) ජෝන් ටර්නස් බව බ්ලූම්බර්ග් පුවත් වාර්තා දක්වයි.

ඔහු ටර්නස් 2001 දී ඇපල් හි නිෂ්පාදන ඉංජිනේරු කණ්ඩායමට සම්බන්ධ වූ දා සිට, නවතම iPhone පරම්පරාවේ සිට ඉතා සාර්ථක AirPods දක්වා, ඇපල් හි වත්මන් පෙළගැස්මේ සෑම ප්‍රධාන නිෂ්පාදනයකම පාහේ දෘඪාංගවලට දායක වී ඇත.

එමෙන්ම ඔහු 2013 දී උප සභාපති තනතුරට උසස් කරන ලද අතර, ඇපල් හිමිකාර චිප්ස් සංවර්ධනය කිරීමේදී ඔහු ප්‍රධාන දායකත්වය දක්වා තිබෙනවා.

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

කෙසේ වෙතත් වයස අවුරුදු 50 ක් වන ටර්නස්, ටිම් කුක් ඉහළම තනතුරට පත් වූ විට සිටි වයසේම සිටින්නෙක් වීම විශේෂත්වයක්.

ඒ අනුව මෙය අවම ලෙස ඉදිරි දශකයට ස්ථාවර නායකත්වයක් වෙනුවෙන් මඟ සලසන බව ඇතැමුන්ගේ අදහසයි.

මේ අතර AI හි බරපතළ අසාර්ථකත්වය (Apple Intelligence) නිසා ඇපල් නවීන තාක්‍ෂණයන්හි වේගය පවත්වා ගැනීමට අරගල කරන හෙයින් ඉහළ තාක්ෂණික පසුබිමක් ඇති අයෙකු තෝරා ගැනීම සමාගමට බුද්ධිමත් පියවරක් වන බව පවසයි.

විශ්ලේෂකයින් ඇපල් මෘදුකාංග සමඟ ගැටීම පසකෙලා දෘඪාංග කෙරෙහි අවධානය යොමු කරනු ඇති බව බලාපොරොත්තු වේ.

ඉකුත් දශකය තුළ සිදු වූ සෑම ප්‍රධාන ඇපල් තාක්ෂණික ඉදිරි ගමනකදීම ටර්නස්ට ඇති අත්දැකීම ඔහු වඩාත් පැහැදිලි තේරීමක් බවට පත් කරයි.

එසේම ඇපල් විසින් ටර්නස් ප්‍රසිද්ධියට පත්කිරීමට ගත් කඩිනම් පියවර සමඟ අනුප්‍රාප්තිය සඳහා සමාගමේ PR කණ්ඩායම මඟින් ඔහුව සූදානම් කරන බවක් දක්නට ලැබෙන බව ද වාර්තා වේ.

ලංකාවේ රාජ්‍ය සේවකයන් ගැන අලුත්ම වාර්තාවක්

ලංකාවේ රාජ්‍ය සේවකයන් ගැන අලුත්ම වාර්තාවක්

එසේම නව නිෂ්පාදන එළිදැක්වීමේදී, වසර ගණනාවක සමාගමේ විශාලතම නවෝත්පාදනය වන iPhone Air ඉදිරිපත් කිරීමේ වගකීම ද ඔහුට පැවරී තිබුණා.

කෙසේ වෙතත් මෙම සාක්ෂි මත බ්ලූම්බර්ග් වාර්තාවකින් ටර්නස් ඇපල් හි ඊළඟ ප්‍රධාන විධායක නිලධාරියා වීමට හොඳම තේරීම ලෙස නම් කරයි.

ඒ අතර මෙම ලොකු පුටුව ලබා ගැනීමට අවස්ථාවක් ඇති තවත් තරඟකරුවන් කිහිප දෙනෙක් ද සිටියි.

ඒ 56 හැවිරිදි ක්‍රේග් ෆෙඩරිගි, 62 හැවිරිදි ග්‍රෙග් ජොස්වියාක් , 60 හැවිරිදි ජෝන් ජියාන්නැන්ඩ්‍රියා මයික් රොක්වෙල් යන තරඟකරුවන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

රත්තරන් ගන්න පෝලිමේ ඉන්න ජනතාව

රත්තරන් ගන්න පෝලිමේ ඉන්න ජනතාව