ලිඳුල ගමේ කොටි බියක්
By Kaushi
හොදින් වැඩුනු කඳුකර කොටියකු ලිඳුල නාගසේන හීල් කූල්ටි වතු යායේ සැරිසරන බවට වාර්තා වේ.
මෙම කොටියා නිසා එම වතුයායේ සේවය කරන වතු කම්කරුවන් දැඩි ලෙස බිය වී සිටින බව සඳහන් වේ.
ඒ මෙම කඳුකර කොටියා ගොදුරු සොයමින් වතු නිවාස ළඟටම පැමිණීම හේතුවෙන්. එසේ පැමිණ නිවාසවල සුරතලයට ඇති කරන සුනඛයන් ගොදුරු කර ගන්නා බවත් වාර්තා වේ.
එලෙසින් දැනටමත් වතු යායේ සුනඛයන් රැසක් මෙම කඳුකර කොටියා රැගෙන ගොස් ඇති බවට ඔවුන් පවසයි.
අඳාළ වතුයායට මායිම් ලෙස රක්ෂිතය වෙන් කරමින් දැල් වැටක් ද ඉදි කර ඇත.
එසේ වුවත් වතුයායේ වතුකම්කරුවන් පවසන්නේ ඒ දැල් වැට කඩාගෙන මෙම කදුකර කොටියා සිය නිවෙස් වෙතට ගොදුරු සොයා පැමිණෙන බවයි.
එසේම මේ නිසා වතුයායේ ජනතාව දැඩි බියකින් පසු වන බවද ඔවුන් පවසයි.