දිවයින පුරා ත්‍රිපෝෂ බෙදාහැරීම නතර වෙයි?.දරුවන්ට අවධානම් තත්ත්වයක්.

Report

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ත්‍රිපෝෂ බෙදාදීම සිදු නොකරන බවට චෝදනා එල්ලවනවා.

උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල දරුවන්ට ත්‍රිපෝෂ නොමැතිවීම නිසා ඔවුන් මන්ද පෝෂණයට ලක්වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවටයි වාර්තාවන්නේ.

මුල් මාස කිහිපයේ පමණක් තමන්ට ත්‍රිපෝෂ ලැබුණු බව එම ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් සඳහන් කරනවා.

අප මේ සම්බන්ධයෙන් ලංකා ත්‍රිපෝෂ සමාගමෙන් විමසිමක් කළා.

අමුද්‍රව්‍ය නො මැති වීම හේතුවෙන් මාස 3ක සිට ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමේ කටයුතු නතර කර ඇති බව එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now