වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය

Sexual harassment India Child Abuse Murder Sinhala news
By Ashfa May 28, 2025 10:41 AM GMT
Ashfa

Ashfa

Report

කොච්චි, 2025 මැයි 22 කේරලා ප්‍රාන්තයේ එරණාකුලම් ප්‍රදේශයේ තුන් හැවිරිදි දැරියක් ඇගේම මව විසින් ඝාතනය කළ බවට පැවති සැකය සම්බන්ධයෙන් අළුත් මානයක් හෙළි වී ඇත.

මව හඩමින් පොලිස් ස්ථානය වෙත පැමිණ තම 3 හැවිරිදි දියණිය අතුරුදහන් වූ බව පැමිණිලි කළාය. පොලිසිය වැඩිදුර විමර්ශනය කිරීමේදී සීසීටීවී දර්ශණ වලින් මව දරුවා සමග බසයේ යන අයුරුත් එයින් බැස දරුවා සමග යන අයුරුත් සටහන් වී ඇත.

නමුත් ඇය නැවත පැමිණෙන්නේ දරුවා නොමැතිවය.මේ පිලිබදව පොලිසිය මවගෙන් විමසු අවස්ථාවේ ඇගේ පරස්පර විරෝධී කතාවත් සමග විමර්ශන කටයුතු ද දරුණු විය.

එහිදී මව හෙළි කලේ ඇයට හා සැමියාට නිතරම රණ්ඩු ඇති වන අතර සැමියා හා සිදුවන මෙම විරසක රණ්ඩු දරාගත නොහැකි වීම නිසා සිදුවූ මානසික පිඩාව හේතුවෙන් තම 3 හැවිරිදි දියණියව ඇය විසින්ම ගගකට විසිකළ බව හෙළි කළා.

සැකයක් ඇති නොවීමට තමාම දරුවා අතුරුදහන් බව පැමිණිලි කල බවත් ඇය හෙළි කළාය. පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් මවට වෙනත් සම්බන්ධතා ඇත්දැයි විමර්ශනය කලත් කිසිවක් හසුවූයේ නැත.

සැමියා සමග ඇතිවන රණ්ඩු නිසා දරුවාව ඝාතනය කල බව පොලිසිය මෙම නඩුව අවසන් කිරීමට පියවර ගත්තේය. නමුත් දරුවාගේ මෘත ශරීරයේ පස්චාත් මරණ පරීක්ශණ වාර්තාව සියල්ල උඩු යටිකුරු කළේය.

එහිදී අවුරුදු 3 මල් කැකුල කිහිප පාරක්ම දුෂණය කර ඇති බව අනාවරණය විය. දරුවාව ලිංගික හිංසනයට ලක් කිරීමේ සිදුවීමත් සමගම එම නිවසේ සහ අවට සිටින සියලු පිරිමින් පරීක්ෂණයට භාජනය විය.

එහිදී අනාවරණය වුයේ දරුවාගේ බාප්පා මේ කෘර ක්‍රියාව සිදුකර ඇති බවයි. මව සහ පියාගේ රණ්ඩු වලට බිය වූ දරුවා අසල නිවසේ පදිංචි තම බාප්පා වෙත යෑමට හුරු වී සිටියාය.

අනුදි Miss World තරගාවලියේ අවසන් වටයට තේරී පත්වෙයි

අනුදි Miss World තරගාවලියේ අවසන් වටයට තේරී පත්වෙයි

පවුලේ රණ්ඩු විසදන්නෙක් මෙන් හොද මුහුණ පෙන්වමින් රැකවරණය පතා එන දරුවාව මෙම පුද්ගලයා විසින් කිහිප වරක්ම දුෂණය කර ඇත රජයේ වෛද්‍ය මරණ පරීක්ෂණ වාර්තාව අනුව දැරිය දිගු කාලීන ලිංගික පිඩාවට ලක්වී ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

පසුව එම පුද්ගලයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ළමුන්ට එරෙහි ලිංගික අපරාධ වලට ආරක්ෂාව සපයන පනත (POCSO Act) යටතේ වෙනම නඩුවක් ද වාර්තා වේ.

මෙම සිද්ධියට සම්බන්ධව ඝාතන චෝදනාවක් හා ලිංගික අපයෝජන චෝදනාවක් යටතේ පොලිසිය විමර්ශන පැවැත්වෙමින් පවතී.  

අනුර ජනතාව ඉදිරියේ මහින්දගෙන් සමාව ගත යුතුයි..

අනුර ජනතාව ඉදිරියේ මහින්දගෙන් සමාව ගත යුතුයි..


ReeCha