ත්රීවිල් පදින්න අවසර අවුරුදු 40ට වැඩි අයට විතරද? අලුත් නීතිය ගැන ත්රීරෝද රථ හිමිකරුවන්ගේ සංගමය කට අරී
ත්රීරෝද රථ වෘත්තීය සමිති, දේශපාලන හා සිවිල් සංවිධාන මගින් ත්රීරෝද රථ රියදුරෙක් ලෙස කටයුතු කිරීමේ වයස අවුරුදු හතළිහ දක්වා ඉහළ නැංවීමට පැමිණ තිබෙන යෝජනාවට විරුද්ධත්වය දක්වා ඇත.
වැඩිදුරටත් එම සංගම් පවසන්නේ මේ ආකාරයෙන් එක් වෘත්තියක් සඳහා වයස් සීමාවක් පැනවීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් එවැනි යෝජනාවක් ක්රියාත්මක කිරීමට සූදානම් වුවහොත් අධිකරණ ක්රියාමාර්ග ගන්නා බවත්ය.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවී ඇති සියලුම ත්රීරෝද රථ, කුලී ත්රීරෝද රථ නොවන බව සිහිපත් කරන ත්රීරෝද රථ වෘත්තීය සමිති, වයස් සීමාව සම්බන්ධයෙන් ගෙන එනු ලබන යෝජනාවන්ට සිය පූර්ණ විරෝධය දක්වන බවද පවසා ඇත.
මේ අතර සමස්ත ලංකා ත්රීරෝද රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කරන්නේ වයස් සීමාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඇමැතිවරයාගේ ප්රකාශය නිය පිටින් මෙපිටට නොගන්නා බවය.
ඊයේ රෑ අපි ගත්ත අන්තිම සෙල්ෆිය මේක චූලා - ඇය මට ගොඩක් විශේෂයි - ඊයේ රෑ හිටපු කෙනා අද නෑ - නළු රොෂාන් රණවන සංවේදී වෙයි
එම ඇමැතිවරයා ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවී කටයුතු කළ නමුත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ඔහු කරන ප්රකාශ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන ප්රකාශ බවද සිහිපත් කළේය.