ත්‍රීරෝද රථ ගාස්තු අඩු කරයි ? - මෙන්න ගත් අලුත්ම තීරණය.
By Wayomi
ඉන්ධන මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තු අඩුවීමක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.
එහි සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියේ, මාසයෙන් මාසය මිල අඩු වන විට ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනය කිරීමට හැකියාවක් නොමැති බවයි.
ඒ අනුව ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවත්, අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
