මළ ගෙදර පසෙකලා සෙට් එකක් එකතුවෙලා බුරු පොලක් දා ගෙන..එතන මලකෙලියෙන් තවත් මළගෙයක් තව ඩින්ගෙදී.....

Sri Lanka Police Sri Lanka Funeral
By Piyumika Feb 12, 2025 09:12 AM GMT
Piyumika

Piyumika

Report

මළගෙදරක පැවැත්වූ ඛූරු පිටියක දෙපිරිසක් අතර වූ ආරවුලක් දුරදිග යාම නිසා සිදුකල පහරදීමකින් තුවාල ලැබූ තිදෙදෙනෙකු ඊයේ (11) මාරස්සන රෝහලට හා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට ඇති බව තලාතුඔය පොලීසිය පවසනවා.

තලාතුඔය, අගලවෙල ප්‍රදේශයෙන් සිදුවීම වාර්තා වන අතර තුවාල ලැබූවන් අතර කාන්තාවකද වන බව පැවසෙනවා.

හෙට විදුලිය කපනවාද නැද්ද.. විදුලි කප්පාදුව ගැන තීරණය...

හෙට විදුලිය කපනවාද නැද්ද.. විදුලි කප්පාදුව ගැන තීරණය...

මළගෙදර පැවති නිවසට ආසන්න ස්ථානයක රාත්‍රී කාලයේ බූරු පිටියක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

එහි වූ ආරවුලක් මත පුද්ගලයන් දෙදෙනෙකු අතර ගුටිබැට හුවමාරුවකින් සිදුව ඇති බවයි පැවසෙන්නේ.

පසුව පහරකෑමට ලක්වූ පුද්ගලයා තමන්ට පහරදුන් අනෙක් පුද්ගලයාගේ නිවසට ගොස් එම නිවසේ දේපලවලට හානි කර පහරදුන් පුද්ගලයාගේ පියාටද පහරදී තිබෙන බව පොලිසිය පවසනවා.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 214කට සීමා වෙයි...හුදකලා සටනක නිරත වූ අසලංකගෙන් ශතකයක්..

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 214කට සීමා වෙයි...හුදකලා සටනක නිරත වූ අසලංකගෙන් ශතකයක්..

එහිදී එම නිවසේ රැඳී සිටි අය විසින් එම පුද්ගලයාගේ හිසට එල්ල කල පහරදීමකින් කැපුම් තුවාලයක් සිදුව ඇති බව පැවසෙනවා.

ඒ හේතුවෙන් තුවාලකරු මාරස්සන රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

තලාතුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

You may like this video

ReeCha