පුත්තලමේ දී තිදෙනෙකුට විදුලි සැර වැදී මිය යයි.. කිසිවෙක් නොහිතපු හද කම්පා කළ සිදුවීම ..
විදුලි සැර වැදීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අද (29) පස්වරුවේ පුත්තලම, පැරණි මන්නාරම මාර්ගයේ 2 වන කණුව ප්‍රදේශයේ දී ය.
එමගින්, ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි සේවකයින් තිදෙනෙකු බව සදහන් වේ.
එහිදී යකඩ පලංචියකට විදුලි සැර වැදි ඇති අතර ඒ මත ඔවුන් සිට තිබෙනවා.
ඔවුන් එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මරණයට පත්ව ඇත්තේ 2 කනුව ප්‍රදේශයේ පදිංචිකරුන් පිරිසක් බව පුත්තලම මුලස්ථානය පොලිසිය සඳහන් කළේ ය.
එමෙන්ම, මියගිය අයගේ සිරුරු මේ වනවිට පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
You May Like This Video👇
.