නව තානාපතිවරු තිදෙනෙක් පත් කෙරේ.

Report

 ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය සහ ඉරානය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව ඇති බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ආචාර්ය සිරි වොල්ෆ් මහත්මිය, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනිය ලෙසත් කාමන් මොරෙනෝ මහත්මිය ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනිය ලෙසත් පත්කර තිබෙනවා.

ආචාර්ය ඇලිරෙසා ඩෙල්කොෂ් මහතා ශ්‍රි ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති ලෙසින් ජනාධිපතිවයා වෙත අක්තපත්‍ර භාර දී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.