ගජමුතු ප්‍රවාහනය කළ තිදෙනෙක් හාලිඇලදී STF දැලේ

By Malith Madushan Jun 10, 2026 07:10 AM GMT
Report

ගජමුතු සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු හාලිඇල පොලිස් වසමේ උඩුනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) උඩුවර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (09) සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

රාජ්‍ය සේවකයින්ට ජූලි මාසයේ සිට දුම්රිය සීසන් ටිකට් ගන්න අලුත්ම ක්‍රමයක්

රාජ්‍ය සේවකයින්ට ජූලි මාසයේ සිට දුම්රිය සීසන් ටිකට් ගන්න අලුත්ම ක්‍රමයක්

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 30 සහ 31 වන අතර, ඔවුන් හාලිඇල හා පතනවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් ගජමුතු මෝටර් රථයක තබාගෙන ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් සහ භාරයට ගත් ගජමුතු වැඩිදුර විමර්ශන සඳහා හාලිඇල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

ආයේ ලයිසන් එක අලුත් කරගන්නේ මේ විදිහට වේරහැරට යන්න එපා - මෙඩිකල් එක ගත්ත ගමන් ලයිසන් එක අතට

ආයේ ලයිසන් එක අලුත් කරගන්නේ මේ විදිහට වේරහැරට යන්න එපා - මෙඩිකල් එක ගත්ත ගමන් ලයිසන් එක අතට