උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිට එල්ල වූ තර්ජන ගැන විමර්ශන සී.සී.ඩීයට.
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන සිදු කර මුදැල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කරන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවයි.